Local

කෙහෙළිය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරිසර අමාත්‍යංශයට විසිවෙයි – නව කැබිනට් පත්කිරීම් සිදුවුණේ මෙහෙමයි (PHOTOS)

අද (23) පෙරවරුවේ සිදුකෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කර වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

ඒ අනුව රමේෂ් පතිරණ අමාත්‍යවරයා සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස අද සිට කටයුතු කරනු ඇත.

මෙතෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

මිට අමතරව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

එමෙන්ම රංජිත් සියඹලාපිටිය කැබිනට් නොවන වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසද පත් කර තිබෙනවා.

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව දැඩි විරෝධයක් සහ ප්‍රතික්ෂේප කිරීමක් සමස්ථ සෞඛ්‍ය ක්ෂේත්‍රය පුරාම තිබුණු අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔහුට එරෙහිව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත යන්නට සූදානමින් සිටියේය.

මෙතෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.
රමේෂ් පතිරණ සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි
මහින්ද අමරවීරට කෘෂිකර්ම අමාත්‍ය ධූරයට
රංජිත් සියඹලාපිටිය මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයට
Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago