ගෙම්බන්ගෙන් පමණක් ලේ උරාබොන නව මදුරු විශේෂයක් ගම්පහ මීරිගම ප්‍රදේශයෙන් සොයාගත් බව කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යා නිලධාරී ගයාන් ශ්‍රී කුමාරසිංහ සඳහන් කරයි.
යුරනොටේනිආට්රයිලීනිඒටා (Uranotaeniatrilineata) යන නමින් හඳුන්වන මෙම මදුරු විශේෂය ලංකාවේ දැනට වාර්තා වන කුඩාම මදුරු විශේෂය ලෙස හඳුනා ගෙන ඇතැයි ඔහු පවසයි.
මෙම මදුරුවා මිලි මීටර 2 -3 අතර ප්‍රමාණයෙන් යුක්ත වන අතර මෙම මදුරුවා සමඟ ලංකාවේ මදුරු විශේෂ 156 දක්වා ඉහළ යන බවද පැවසේ.
මෙම මදුරු විශේෂය වසර 108ට පෙර දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති අතර ඉන් අනතුරුව තායිලන්තයෙන් සොයා ගන්නා ලදි.
ඉන් පසුව වාර්තා වූයේ ශ්‍රී ලංකාවෙන් යැයි ද ගයාන් ශ්‍රී කුමාරසිංහ පැවසුවේය.
මෙම පර්යේෂණය සඳහා වෛද්‍ය පර්යේෂන ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් සහ කීට විද්‍යා අංශයේ වැඩබලන අංශයේ ප්‍රධානී සූජාතා පතිරගේ ගේ උපදෙස් මත ප්‍රමිත රංගන, නලීන් ජයසිංහ, එරන්ද හේවාවිතාරණ, සජිත් තාරක, රුවන් සමීර, රොහාන් සමරසේකර සහ අපේක්ෂා වරුෂවිතාරන යන කීට විද්‍යා නිලධාරීන් එක්ව ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…