Local

රෝහලෙන් පිටවූ ඩයනා ගමගේ පොලිසි යයි !

සමගි ජන බලවේගයේ සුජිත් සංජය පෙරේරා හා රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් තමාට පහර දුන් බව පවසමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

මේ අතර අදාළ සිද්ධියෙන් පසු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ප්‍රථිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්ව තිබුණි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඇය ප්‍රථිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි.

අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා හා රාජ්‍ය අමාත්‍යවරිය අතර ඇති වූ මත ගැටුමක් පිළිබඳ දර්ශනපෙළක්, මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරනු ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලබන සඳුදා විමර්ශන ආරම්භ කරන බව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව පවසයි.

කතානායවරයා විසින් පත් කළ කමිටුවේ සභාපති ලෙස පත් කෙරුණේ, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතායි.

මේ පිළිබඳ විමර්ශනය කර ලබන 7 වැනි දා කතානායකවරයාට වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

Ceylon News Factory

View Comments

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago