විදුලි බිල සියයට 18කින් ඉහළ දැමීම සඳහා අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද (20) තීරණය කිරීමත් සමග අද සිට ගෘහස්ථ විදුලි ගාස්තු සංශෝධනය වන්නේ පහත අයුරිනි.
එම විදුලි ගාස්තු වැඩිවීම අද සිට 2024 වසරේ ජුනි 30 වනදා තෙක් වලංගු වන බවද මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
මේ අතර අදාළ විදුලි ගාස්තු සංශෝධනයට විරෝධය පල කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේතුවේදී මෙසේ අදහස් දැක්වුවා.
විදුලි බිල වැඩි කරන්න තීන්දුව අරගෙන ඉවරයි. අවුරුද්දකට විදුලි බිල වැඩි කරන්න පුළුවන් දෙපාරයි.හතර වතාවක් වැඩි කරන්න පුළුවන් කියලා දැන් විශේෂ පරිච්ඡේදයක් ඇතුළත් කරලා. මහජන උපයෝගීතා කොමිෂන් සභාව පනත උල්ලංඝනය කරමින් වැරදි වැඩක් කරනවා. අද විදුලි බිල ගැන උත්තර දෙන්න ඇමති නැහැ. මේ ආකාරයට වැරදි විදිහට කටයුතු කරන්න එපා කියලා මහජන උපයෝගීතා කොමිසමට නියෝගයක් දෙන්න කියලා කතානායකතුමාගේ ඉල්ලනවා.විදුලි බිල වැඩි කිරීමෙන් ජනතාව දැඩි පීඩනයකට පත් වෙලා සිටිනවා. ආණ්ඩුව ඇයි ඒ පීඩනය නොසලකන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…