යුද්ධයේදී මිය ගිය ඊශ්‍රයාල ජාතිකයෙකුට හිමි සියලුම වරප්‍රසාද සහ වන්දි මුදල් හමාස් ප්‍රහාරය මැද මියගිය ශ්‍රී ලාංකික කාන්තාවක වූ අනුලා ජයතිලකගේ පවුලට ලබා දෙන බව ඊශ්‍රයාල රජය ප්‍රකාශ කර තිබේ.
දින දෙකක් තුළ ඇයගේ සිරුර ඊශ්‍රයාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබා දීමට කටයුතු කරන බව එම රජය දැන්වී යැයි ඊයේ (17) ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩා මාධ්‍යයට පවසා තිබිණි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) ගාමිණී සෙනරත් මාධ්‍යයට පැවසුවේ, ඇය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීත්‍යානුකූලව ලියාපදිංචි වී වලංගු වීසා බලපත්‍රයක් සහිතව ඊශ්‍රයාලයේ රැකියාව කරමින් සිටි බවය.
ඒ අනුව යුද්ධයේ දී මිය යන ඊශ්‍රයාල ජාතිකයෙකුට හිමි සියලුම වරප්‍රසාද ඇයගේ පවුලට හිමි වන බවද ඔහු පැවසුවේය.
මේ අර්බුදය අතර අතුරුදහන් වූ ශ්‍රී ලාංකිකයා වන යටවර බණ්ඩාර සම්බන්ධව තවමත් තොරතුරු නොලැබෙන බව කී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා හමාස් සංවිධානයේ අත්අඩංගුවේ සිටින පුද්ගලයන් සම්බන්ධව හෙළිදරව් කිරීමට ඔවුන් සූදානම් බැවින් ඒ සම්බන්ධව දැඩි අවධානයෙන් සිටින බව කීවේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…