Local

බියර් හා වයින් බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි – සුරාබදු කොමසාරිස් ජනරාල්ගෙන් නියෝගයක් !

සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, ආපන ශාලා සහ සංචාරකයන්ට නවාතැන් හා සේවා සපයනු ලබන සංචාරක ආයතන සඳහා බියර් හා වයින් ඇතුළු මෘදු මත්පැන් භාවිත කිරීම සදහා ලබාදී තිබූ අවසරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කර තිබේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් මෙම නියෝගය සිදුකර තිබෙන අතර,

මේ ආකාරයේ නියෝගයක් සිදුකර තිබෙන්නේ, අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින 371/2023 නඩුවෙහිදී අධිකරණය විසින් ලබාදෙන ලද වාරණ නියෝගයන්ට අනුව බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අභියාචනාධිකරණය මගින් ලබාදෙන ලද වාරණ නියෝගයන්ට අනුව මේ දක්වා නිකුත් කර ඇති සියලු මෘදු මත්පැන් අවසර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම මින් ඉදිරියට මෘදු මත්පැන් අවසර සඳහා අයැදුම්පත් නිකුත් කිරීම අත්හිටුවීම, මෙම මෘදු මත්පැන් අවසරයට අදාළ අංක 05/2022 දරන සුරාබදු නිවේදනය බලාත්මක වන දිනය අත්හිටුවීම වේ.

අභියාචනාධිකරණයේ නියෝග අනුව ඉහත කී වාරණා නියෝග එකී නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය තෙක් බලපැවැත්වේන බවත්, මෙම අභියාචනාධිකරණ නඩුකරය ලබන මස 13වැනිදා නැවත කැඳවීමට නියමිත බවද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින පුරා මෘදු මත්පැන් බලපත්‍ර 554ක් ක්‍රියාත්මක වන අතර, දිස්ත්‍රික් වශයෙන් සැලකීමේදී ගාල්ල දිස්ත්‍රික්කය තුළ බලපත්‍ර 67ක්, කොළඹ දිස්ත්‍රික්කය තුළ බලපත්‍ර 57ක් හා මාතර දිස්ත්‍රික්කය තුළ බලපත්‍ර 50ක් වශයෙන් සෑම දිස්ත්‍රික්කයක් සඳහාම බලපත්‍ර නිකුත් කර තිබේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago