කොළඹ, කාසල් වීදිය රෝහලේදී උපත ලද සය නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙකු අද (18) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.
අප කළ විමසීමකදී එම බිළිඳා ප්‍රතිකාර ලබමින් සිටි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මේ බව තහවුරු කළේ ය.
ඔහු සඳහන් කළේ, මිය ගිය දරුවාගේ බර ග්‍රෑම් 400ක් තරම් අඩු මට්ටමක පැවති බවත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව ත් ය.
සාමාන්‍යයෙන් දරුවෙකුගේ උපත් බර ග්‍රෑම් 2500ක් පමණ විය යුතු බව ද ඔහු පැවසීය.
කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලේ මෙම සය නිවුන් දරු උපත සිදුවූයේ, ඊයේ (ඔක්. 17) දිනයේදී ය.මෙම දරුවන්ගෙන් 5 දෙනෙකු කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර එක් දරුවෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…