News

Israel-Hamas War – ජීවතුන් අතර ඇතැයි විශ්වාස කළ ඊශ්‍රායලයේ දී අතුරුදහන් වූ අනුලා ජයතිලක ඝාතනය වී ඇතැයි ඊශ්‍රයාලය තහවුරු කරයි !

අද ( 17) උදෑසන වනවිටත් හමාස් අත් අඩංගුවේ ජීවතුන් අතර ඇතැයි විශ්වාස කළ ඊශ්‍රයාලයේ දී අතුරුදහන් වූ ශ්‍රී ලාංකික කාන්තාව අනුලා ජයතිලක, හමාස් සටන් කරුවන් අතින් ඝාතනය වී ඇතැයි ඊශ්‍රයාල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද දහවල් නිවේදනය කර ඇත.

ඊශ්‍රයාල බලධාරීන් ඒ මරණය නිල වශයෙන් තහවුරු කළේ යැයි තානාපති කාර්යාලය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබේ.

වාර්තාව අනුව දින දෙකක් තුළ ඇයගේ දේහය ඊශ්‍රයාල බලධාරීන් විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් පසුගිය සතියේ 7th NEWS වෙබ් අඩවියේ පලවුන වීඩියෝවක් අනුව අනුලා ජයතිලක ජීවතුන් අතර සිටින බවට පවුලේ පිරිස් දැඩි ලෙස විශ්වාස කර එය විදේශ කටයුතු අමාත්‍යාංශයට, විදේශ සේවා නියුක්ති කාරයාංශයට, ඊශ්‍රයාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යොමු කර තිබිණි.

එහිදී ඇය පසුගිය වසරේ ලංකාවට පැමිණි පසු ඇයට තෑගි ලැබී තිබුණ බ්ලව්සයකට සමාන ඇඳුමකින් සැරසී කොණ්ඩය තනි කරලක් සේ ගොතාගෙන සිටින කාන්තාවකගේ නොපැහැදිලි චලන රූපය ඇයගේ බව පවුලේ උදවිය කීහ. 

අනුලා ජයතිලක හමාස් අත් අඩංගුවේ පසුවනු ඇතැයි විශ්වාස කිරීමට පෙළඹවූ ඡායා රූපය සහ ඇයගේ පෙර ඡායාරූපයක්
Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago