Local

සීතා ඇතින්නගේ ශරීරයෙන් යකඩ බෝල සහ ඊයම් කැබලි හමු වෙයි !

වෙඩි ප්‍රහාරයකට ලක් වූ සීතා ඇතින්නට සිදු කරන ලද දෙවන ශල්‍යකර්මයේදී යකඩ බෝලයක් සහ ඊයම් කැබලි කිහිපයක් හමු වී තිබෙනවා.

මෙම සත්ත්වයාට අද (17) පැය 04ක කාලයක් සිදු කරන ලද ශල්‍යකර්මයකදී මේ බව අනාවරණය වූ බවයි සඳහන් වන්නේ.

ක්‍රමයෙන් ඇතින්නගේ ශරීර සෞඛ්‍ය දුර්වල වන නිසා ශරීරයේ ලෝහ කොටස් ඇත්දැයි සොයා බලා ඒවා ඉවත් කිරීමට අවසර දෙන්නැයි අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සැත්කම සිදුකළ බව විශේෂඥ වෛද්‍ය දංගොල්ල මහතා පැවසුවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ඇතුළු වෛදය කණ්ඩායමක් විසින් අද පෙරවරුවේ සිතා ඇතින්න සැත්කමකට ලක් කළ පසු මෙම ඊයම් බෝල ඉවත් කර තිබෙනවා වෙඩි වැදුණු ස්ථානයක සිට සෙන්ටි මීටර් 03 ක් පමණ ඇතුළතින් යකඩ බෝලය තිබූ බව මහාචාර්ය දංගොල්ල මහතා පැවසු අතර මෙම යකඩ බෝලය තවත් ඇතුළට ගමන් කළේ නම් පෙනහලු සහ හෘදය ට හානි වීමට තිබූ බවත් මේ ආකාර තවත් යකඩ බෝල උරස් කුහරයේ හෝ පෙනහලු ආශ්‍රිතව තිබේද යන්න පිළිබඳව සැක මතුවන බව සඳහන් කළා.

මේ ආකාර තවත් යකඩ බෝල ඇත්දැයි සොයා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වන නමුත් ඒ සඳහා අවශ්‍යය ස්කෑන් හෝ එක්ස් රේ යන්ත්‍ර නොමැති වීම බරපතළ ගැටලුවක් බව දංගොල්ල මහතා පවසනවා.

සතා දුර්වල වීම වලක්වා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමුකර ප්‍රතිකාර ලබාදෙන බව ද මහාචාර්යවරයා පැවසුවේය.

රබර් උණ්ඩ යොදා ඇතින්නට වෙඩි තැබූ බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ ප්‍රකාශය අසත්‍ය එකක් බව දැන් හෙළිවී ඇතැයි ඇතින්නගෙ හිමිකරු වන එස්.එම්. රොෂාන් මහතා පැවසුවා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago