Local

ආණ්ඩුවේ මත ගැටුමක්, නාමල් රාජපක්ෂ සමඟ පිරිසක් විපක්ෂයට? – ඉලක්කය විපක්ෂනායකකම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කිරීමේ අරමුණින්.

පසුගියදා පැවැති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි දී විවිධ පරස්පර අදහස් මතු වූව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගතය සුරක්ෂිත කිරීමට මෙවැනි දැඩි තීන්දුවක් ගැනීමට සිදු වන බව ද ප්‍රකාශ වී තිබෙනවා.

ඇතැම් මන්ත්‍රීවරු එහි දී ප්‍රකාශ කර ඇත්තේ, විපක්ෂයේ අසුන් ගැනීමෙන් ආණ්ඩුවට බලපෑමක් ඇති විය හැකි බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් සිටින බැවින් එය ඉතා පහසු කටයුත්තක් බව ඇතැම් මන්ත්‍රීවරුන් දරණ මතය වනවා.

මේ සම්බන්ධයෙන් තවදුරටත් සලකා බැලිය යුතු බවත් ඊට පෙර මෙය පක්ෂ නායක මහින්ද රාජපක්ෂ දැනුවත් කළ යුතු බවත් එහි දී එකඟ වී තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago