Cricket

World Cup 2023 – තවත් ආබාධ දෙකක්, නායක දසුන් සහ මතිෂ පතිරණ ඉවතට !

ශ්‍රී ලංකා නායක දසුන් ශානක හා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධවලට ලක්ව ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාම අද ලක්නව් හී දී පැවැති පුහුණුවීම් කටයුතු සදහා එක්ව නොමැති බව සදහන්.

ඒ අනුව දසුන් ශානකට හා මතීෂ පතිරණට ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය (World Cup 2023) යටතේ ක්‍රීඩා කරන මීළග තරගය අහිමි වීමට වැඩි ඉඩක් ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළේ.

එසේ වුවහොත් එම තරගයේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට පැවරෙනු ඇති.

නායක දසුන් ශානකට සති තුනක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් නිල නිවේදනයක් නිකුත් කොට නැහැ.

ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීළග තරගය එළඹෙන 16 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ලක්නව් හී දී පැවැත්වීමට නියමිතයි.

මේ වන විට තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත්ව ඇති ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ 7 වැනි ස්ථානයේයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago