Foreign

Israel-Hamas War – හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගත් ළදරුවන්ගේ වීඩියෝවක් නිකුත් කරයි (VIDEO)

හමාස් සංවිධානය විසින් සිය ප්‍රාණ ඇපයට ගත් ළදරුවන්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

ඉකුත් සෙනසුරාදා හමාස්වරු ඊශ්‍රායලයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් පසු පුද්ගලයන් 150ක් පමණ ප්‍රාණ ඇපයට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

ඊට කුඩා දරුවන් ද ඇතුළත්. ඒ අනුව මෙලෙස ඔවුන් නිකුත් කළ නවතම වීඩියෝව මඟින් පෙන්නුම් කරන්නේ ඔවුන් ළදරුවන්ට හොඳින් සලකන බවක්.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඔවුන් ඉන් උත්සාහ ගෙන ඇත්තේ ද ළදරුවන්ට හොඳින් සලකන බවක් පෙන්නුම් කිරීමට බවයි.

ඒ අනුව තම සටන්කරුවන්, ළදරුවන් මරා දැමූ බව හමාස් ප්‍රතික්ෂේප කර ඇති බවත් සඳහන්.

මේ අතර ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ස්ථානවලින් එකක් වන ගාසා තීරයෙ හි හමාස්වරුන් විසින් සඟවාගෙන සිටින බවට විශ්වාස කෙරෙන ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට හැකි සෑම දෙයක්ම කිරීමට ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය මේ වන විට ප්‍රතිඥා දී තිබෙනවා.

හමාස් සංවිධානයට එරෙහි අපේක්ෂිත ගොඩබිම් ප්‍රහාරයකට පෙර ඉවත් වන ලෙස ඊශ්‍රායලය අනතුරු ඇඟවීමත් සමඟ පලස්තීනුවන් දහස් ගණනක් ආරක්ෂාව පතා දකුණු ගාසා තීරයට පළා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ නමුත් හමාස් සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ප්‍රාණ ඇපකරුවන් 150 දෙනාගෙන් 13 දෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය ගිය බවයි.

ඊශ්‍රායල සංචාරයක නිරත ජර්මන් විදේශ ඇමතිනී ඇනලේනා බෙයර්බොක් (Annalena Baerbock) ප්‍රකාශ කර සිටියේ හමාස් සංවිධානය වැසියන් “පලිහක්” ලෙස යොදා ගන්නා බවක්.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago