හමාස් සංවිධානය විසින් සිය ප්‍රාණ ඇපයට ගත් ළදරුවන්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.
ඉකුත් සෙනසුරාදා හමාස්වරු ඊශ්‍රායලයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් පසු පුද්ගලයන් 150ක් පමණ ප්‍රාණ ඇපයට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
ඊට කුඩා දරුවන් ද ඇතුළත්. ඒ අනුව මෙලෙස ඔවුන් නිකුත් කළ නවතම වීඩියෝව මඟින් පෙන්නුම් කරන්නේ ඔවුන් ළදරුවන්ට හොඳින් සලකන බවක්.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඔවුන් ඉන් උත්සාහ ගෙන ඇත්තේ ද ළදරුවන්ට හොඳින් සලකන බවක් පෙන්නුම් කිරීමට බවයි.
ඒ අනුව තම සටන්කරුවන්, ළදරුවන් මරා දැමූ බව හමාස් ප්‍රතික්ෂේප කර ඇති බවත් සඳහන්.
You can see their injuries,
hear their cries
and feel them trembling from fear as these children are held hostage in their own homes by Hamas terrorists and their parents lie there dead in the next room.
These are the terrorists that we are going to defeat. pic.twitter.com/myDsGnOzT1
— Israel Defense Forces (@IDF) October 14, 2023
මේ අතර ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ස්ථානවලින් එකක් වන ගාසා තීරයෙ හි හමාස්වරුන් විසින් සඟවාගෙන සිටින බවට විශ්වාස කෙරෙන ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට හැකි සෑම දෙයක්ම කිරීමට ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය මේ වන විට ප්‍රතිඥා දී තිබෙනවා.
හමාස් සංවිධානයට එරෙහි අපේක්ෂිත ගොඩබිම් ප්‍රහාරයකට පෙර ඉවත් වන ලෙස ඊශ්‍රායලය අනතුරු ඇඟවීමත් සමඟ පලස්තීනුවන් දහස් ගණනක් ආරක්ෂාව පතා දකුණු ගාසා තීරයට පළා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ නමුත් හමාස් සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ප්‍රාණ ඇපකරුවන් 150 දෙනාගෙන් 13 දෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය ගිය බවයි.
ඊශ්‍රායල සංචාරයක නිරත ජර්මන් විදේශ ඇමතිනී ඇනලේනා බෙයර්බොක් (Annalena Baerbock) ප්‍රකාශ කර සිටියේ හමාස් සංවිධානය වැසියන් “පලිහක්” ලෙස යොදා ගන්නා බවක්.