කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පවුල් 244ක් පමණ ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.ඒ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුවයි.
ඒ අනුව කොස්ලන්ද මීරියබැද්ද පැරණි නායගිය ස්ථානය දෙපස සහ ඒ ආසන්න ප්‍රදේශයේ ජනයා මෙලෙස ඉවත් කළ බවයි, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගිකා මහත්මිය ප්‍රකාශ කළේ.
පවතින ධාරානිපාත වර්ෂාවත් සමග නායයාමේ අවදානමක් එම ප්‍රදේශ අවට මතු වී තිබුණා.
කොස්ලන්ද මීරියබැද්ද පවුල් එකසිය හතළිස් හතරක් කොස්ලන්ද තේ කර්මාන්තශාලාවටද මහකන්ද පවුල් විසිතුනක් මල්වැන්න තේ කර්මාන්ත ශාලාවටද දිවුල්ගසමුල්ල පවුල් අසූ එකක් කොස්ලන්ද සිංහල විදුහලට හා කොස්ලන්ද දෙමළ මහ විදුහලටද තාවකාලිකව ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
රාත්‍රියේ කරුවල සමග වන අලි ගැවසීම නිසා මහා කන්ද වත්ත ප්‍රදේශයේ පවුල් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමේදී සුළු බාධා එල්ල වූ බව සඳහන්.
මෙම කඳවුරුවල මේ වනවිට පුද්ගලයින් 768 දෙනකු සිටින බවයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ ඒ ජේ ප්‍රියංගිකා මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…