Local

නසීර් අහමඩ්ගේ පරිසර අමාත්‍යංශය ජනපති යටතට – අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි !

පරිසර අමාත්‍ය ධුරය තමා වෙත පවරා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන තිබෙනවා.

ඒ, මීට එම ධුරයේ කටයුතු කළ නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය අහිමි වීම හේතුවෙන්.

පරිසර අමාත්‍යධුරය ජනධිපතිවරයා යටතේ පවත්වාගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් අදහස් විමසීමක් ද සිදු කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) ව්‍යවස්ථාවට අනුවයි.

ඊට අදාළ ගැසට් නිවේදනයක් ද මේ වනවිට නිකුත් කිරීමට රජයේ මුද්‍රණාලය කටයුතු කර ඇත්තේ.

හිටපු පරිසර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ්ගේ මන්ත්‍රීධුරය පුරප්පාඩුවී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය (9) වැනිදා දැනුම් දුන්නාය.

2022 අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට පක්ෂය ගත් තීරණයට පටහැනිව රජයට පක්ෂපාතී වීම හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඔහු පක්ෂයේ සාමාජිකත්වයේ ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරිතර උත්තරීතර මණ්ඩලය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීන්දු කළේය.

අදාල ගැසට් නිවේදනය පහතින්,

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago