Local

අයහපත් කාළගුණය රටම කළඹයි – පුද්ගලයන් 3ක් මරුට, පීඩාවටපත් සංඛ්‍යාව ඉහළට !

රටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 3 දෙනකු මිය ගොස් දිස්ත්‍රික්ක 13ක පුද්ගලයන් 71,320 දෙනකු අවතැන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ගලක් නිවෙසට පෙරළීම නිසා ගාල්ලේ අමරසේන විජේසිංහ නමැති 78 හැවිරිදි පුද්ගලයෙක් මිය ගිය අතර අම්පාර අඩ්ලාලච්චේන ප්‍රදේශයේ අකුණු සර වැදීමෙන් සහ යතුරුපැදියෙන් නිවෙස බලා එමින් සිටියදී යතුරුපැදිය පෙරළීමෙන් ජා ඇළදී තවත් පුද්ගලයකු මිය ගියා.

මෙහි වැඩි බලපෑම එල්ල වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයට වන අතර මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසයේම ජනතාව පීඩාවට පත්ව තිබෙනවා.

ඊයේ (08) දහවල් වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසයේම පවුල් 22,012ක 55,755ක් අවතැන් වී ඇතැයි මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි පවසනවා.

මීට අමතරව, පවුල් 11,692ක පුදගලයින් 41,726ක් ගංවතුර නිසා තැන තැන කොටු වී ඇති බවත් ලේකම්වරයා සඳහන් කරනවා.

මේ අතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් අද සහ හෙට දිනයේ වසා තැබෙන බව ද දැනුම් දුන්නා. එමෙන්ම, ලබන 12 වන දා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දෙවන වාර විභාගය ද දින නියමයක් නොමැතිව කල් තැබුණා.

එමෙන්ම, රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය, මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවල පවුල්වල පුද්ගලයන් ද අයහපත් කාලගුණයෙන් පීඩාවව පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ නිසා පුද්ගලයන් 23 දෙනකු තුවාල ලබා ඇති අතර, පූර්ණ නිවාස හානි ගණන 6ක්. අර්ධ නිවාස හානි 1004ක් වන අතර ආරක්ෂිත ස්ථාන 16ක පවුල් 555ක පුද්ගලයන් 1910 දෙනෙකු රඳවා තිබෙනවා.

පෙරේදා (07) සිට වැඩිම අවධානය යොමු කෙරුණේ නිල්වලා නදියේ ගල්බන්ට් (BR 05) එකටයි. ඊට උඩින් ජලය ගලා යාම ඒ වන විට ආරම්භ වී තිබීම ඊට හේතුවයි. එය වැඩි වුව හොත් මාතර කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහත්බිම් රැසකට විශාල ගංවතුර අවදානමක් ඇති විය හැකි බව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් දැනුම් දී තිබුණා.

තත්ත්වය එසේ තිබියදී පෙරේදා සවස මාතර දිස්ත්‍රික් ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ පහත් බිම්වල සිටින පිරිස් ආරක්ෂිත ස්ථානයන් කරා යන ලෙසයි. අවශ්‍ය අයට සුරක්ෂිත මධ්‍යස්ථාන පහක් සූදානම් කර තිබූ අතර, ශබ්දවාහිනී යන්ත්‍ර යොදාගෙන ද ජනතාව දැනුම්වත් කිරීම් ද සිදු කරනු ලැබුවා.

මේ අතර, මේ ප්‍රදේශවල කිඹුල් බියක් ද ඇති වෙමින් තිබුණේ, මහ වැස්සත් සමඟ ඇති වූ ගංවතුර ගලා යාමත් සමඟ නිල්වලා ගඟේ හා කිරමආරේ සිටි කිඹුලන් ජල පහරත් සමඟ වෙනත් ප්‍රදේශවලට ගමන් කිරීමත් සමඟයි.

මේ වන විට නිල්වලා ගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පවතින සැලකිය යුතු ඉහළ මට්ටමේ ගංවතුර තත්ත්වය ඊයේ (08) දිනය තුළ සුළු වශයෙන් වර්ධනයක් බලාපොරොත්තු වූ අතර නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ රතු නිවේදනය අද (09) පෙරවරුව දක්වා දීර්ඝ කර තිබෙනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

4 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago