Cricket

World Cup 2023 – ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකුට හෙට පැවැත්වෙන පළමු තරඟය අහිමි වෙයි !

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය (World Cup 2023) යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (7) ක්‍රීඩා කරන පළමු තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ආසියානු කුසලාන තරගාවලියේ දී මුහුණ දුන් පාදයක ආබාධයෙන් පසුව තවමත් 100% ක යෝග්‍යතාවයකින් පසු නොවීම හේතුවෙන්.

හෙට තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මෙම තොරතුරු අනාවරණය කළා.

කෙසේ වෙතත්, බංග්ලාදේශයට එරෙහි පුහුණු තරගයේ දී ආබාධයන්ට ලක් වූ කුසල් පෙරේරා හා නායක දසුන් ශානක හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු යෝග්‍යතාවයකින් පසුවනවා.

ආබාධ හේතුවෙන් ඔවුන් දෙදෙනාම ඇෆ්ඝනිස්තානය සමග පැවැති පුහුණු තරගය සදහා ද ක්‍රීඩා කළේ නැහැ.

ආබාධය හේතුවෙන් මහීෂ් තීක්ෂණ පසුගිය 26 වැනිදා ශ්‍රී ලංකා සංචිතය සමග ඉන්දියාව බලා පිටත්ව නොගිය අතර, ඔහු පසුගිය 4 වැනිදා දිල්ලි හී දී ශ්‍රී ලංකා සංචිතය සමග එක්ව තිබුණා.

ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය හෙට දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

එම තරගය පස්වරු දෙකට ආරම්භ වන්නේ දිල්ලි ක්‍රීඩාංගනයේ දී යි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago