Accident

වෛද්‍ය දෙමාපියන්ගේ ඉංජිනේරු පුතා යට කළ පොලිස් කොස්තාපල් අද අලුයම ජීවිතයට සමු දෙයි (VIDEO)

කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුමේ රථවාහන හැසිරීමේ රාජකාරියේ නිරතව සිටිය දී අධික වේගයෙන් ධාවනය වූ කාර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී පොලිස් කොස්තාපල්වරයා අද (6) අලුයම මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කුරුඳුවත්ත පොලීසියේ රථවාහන අංශයේ රාජකාරි කළ, මනෝජ් ප්‍රියංකර නැමති පොලිස් කොස්තාපල්වරයායි.

අනතුර සිදු කරන ලද තැනැත්තා, කුරුඳුවත්ත පොලිසිය විසින් එම අනතුර සිදුවූ අවස්ථාවේ එම සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුර සිදු කරන ලද තරුණයා වයස අවුරුදු 28ක් වන තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවකු වන අතර ඔහුගේ පියා පොලිස් රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු බවත් මව ද වෛද්‍යවරියක බවයි පැවසෙන්නේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago