පාර්ලිමේන්තුව, වරාය නගරය අවට, ගංගාරාම ඇතුළු කොළඹ නගරයේ මරමස්ථාන හතක් ඉලක්ක කර ගනිමින් අයි.එස්. ත්‍රස්තයන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා වෙත ඊයේ (05) කරුණු වාර්තා කළේය.
දැනට ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් මෙම සැලසුම සැලසුම් කර ඇති බව ද කරුණු අනාවරණය වේ.
පල්ලෙකැලේ බන්ධනාගාරයේ රැඳවූවකු අදාළ ත්‍රස්තයන්ගේ සැලසුම සම්බන්ධයෙන් කරුණු දැනගෙන ඒ සම්බන්ධයෙන් සටහන් යොදා ගත් ලිපියක් තැන්නේකුඹුර පොලිස් මුරපොළ වෙත වීසි කර ඇති බවට ද කරුණු අනාවරණය වේ.
බන්ධනාගාරගතව සිටින මෙම ත්‍රස්තයන් ජංගම දුරකතන හරහා කොළඹ නගරයේ ස්ථාන කීපයකට ISIS බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ සංවාදයට මෙම රැඳවියා සවන් දී ඇති අතර, පසුව එම ත්‍රස්තයන් විසින් මෙම රැඳවියාට ද පහරදී ඇත.
තමා දැනගත් සියලු තොරතුරු සමඟ නම් හා දුරකතන අංකය ද සඳහන් කළ ලිපියක් ඔහු බන්ධනාගාර නිලධාරීන් විසින් පල්ලෙකැලේ සිට මහරට ගෙන යන අවස්ථාවේදී තැන්නේකුඹුර පොලිස් මුරපොළ වෙත වීසිකොට ඇත.
මෙම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් කරන ත්‍රස්ත විමර්ශන ඒකකය අදාළ රැඳවියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.
අදාළ කරුණ සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම අදාළ අධිකරණ බල ප්‍රදේශයට අයත් අධිකරණයකින් සිදු කරන ලෙසට නියෝග කළේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…