Local

පරිසර ඇමතිට මන්ත්‍රී ධුරයත් අහිමි වන ලකුණු – නසීර් අහමඩ් වෙනුවට අලිසාහීර් මවුලානා මැතිසබයට එවන්න මුස්ලිම් කොංග්‍රසය සැරසේ !

අමාත්‍ය නසීර් අහමඩ්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නීත්‍යානුනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවත් සමඟ ඔහුගේ මන්ත්‍රී ධුරය ව්‍යවස්ථානුකූලව අහෝසි වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් පවසනවා.

2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදයේදී එම පක්ෂයේ මන්ත්‍රීවරු ඊට පක්ෂව ඡන්දය ලබා නොදීමට තීරණය කර තිබුණා.

එහෙත් නසීර් අහමඩ් මන්ත්‍රීවරයා පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ තීන්දුවට එරෙහි වෙමින් විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂවයි ඡන්දය ප්‍රකාශ කළේ.

අමාත්‍ය නසීර් අහමඩ් පක්ෂයේ විනය කඩ කර ඇති බව පවසමින් ඊට කරුණු විමසා පක්ෂ මහලේකම්වරයා විසින් 2022 වසරේ අප්‍රේල් මස 23 වන දා පෙත්සම්කරුට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබුණේ ඔහු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපන බවටයි.

කෙසේවෙතත් ඊට එරෙහිව නසීර් අහමඩ් ශ්‍රේෂ්ඨාධිකරණය හමු වේ පෙත්සමක් ගොනු කළේ සාධාරණ පරීක්ෂණයකින් තොරව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින්. දීර්ඝ පෙත්සම් විභාගයකින් අනතුරුව අද එහි තීන්දුව ලබා දුන් ප්‍රීති පද්මන් සූරසේන එස්.තුරෛයි රාජා සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දු වලට පටහැනිව ක්‍රියා කිරීම තුළින් පෙත්සම්කරු එම ප්‍රතිඥාව උල්ලංඝනය කර ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බලා පෙත්සම්කරුගේ ඉල්ලීම නිෂ්ප්‍රභ කළ විනිසුරු මඩුල්ල අමාත්‍ය නසීර් අහමඩ්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නීත්‍යනුකූල බව තීන්දු කළා.

අදාළ නඩු තීන්දුවෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් සඳහන් කළේ පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා මනාප ලැයිස්තුවේ මීලගට සිටින අලි සාහීර් මවුලානා පත්වන බවයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

11 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

11 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago