කොල්ලුපිටිය – ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබර්ටි වටරවුම ආසන්නයේදී ශ්‍රී ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරෙන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් 05 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 07 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි එහි නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේ.
අදාළ අනතුර හේතුවෙන් පුද්ගලයින් 17දෙනෙකු තුවාල ලබා තිබෙන බවද වාර්තා වනවා.
මියගිය පුද්ගලයින් පස් දෙනාම රෝහලට රැගෙන එන අවස්ථාව වනවිටත් ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.
කොළඹ සිට මතුගම බලා ධාවනය වූ මතුගම ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථයකුයි මෙලෙස අද අලුයම අනතුරට ලක්වුණේ.
අනතුර හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගයේ හටගත් මාර්ග තදබදය තවදුරටත් පවතින බවයි වාර්තා වන්නේ.
මෙම බස් අනතුර හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
පොලීසිය රියදුරන්ට දැනුම්දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…