පොලිස් රථවාහන අංශයේ නිලධාරියෙකු කොළඹ ටොරින්ටන් චතුරශ්‍රය ආසන්නයේ රාජකාරියේ යෙදෙමින් සිටියදී අනතුරට ලක්ව බරපතළ තුවාල ලබා තිබෙනවා.
අදාළ පොලිස් නිලධාරියා කුරුඳුවත්ත පොලිසියට අනුයුක්තව සේවය කරන වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සිදුව ඇත්තේ කොළඹ නෙලුම් පොකුණ රඟහළ දෙසින් නිදහස් චතුරශ්‍රය දෙසට පිවිසීමේදී CCC ක්‍රීඩාංගණය අසළ පිහිටි වටරවුම ආසන්නයේදීය.
පොලිිස් නිලධාරියාගේ ගැටුණු වාහනය පසුව ඒ ආසන්නයේ තිබූ වතුර පොකුණක ගැටී නතරව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙම රථය පදවා ඇත්තේ උසස් පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු බවයි සඳහන් වන්නේ.
අනතුර සිදුකළ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුකළ සුඛෝපභෝගී මෝටර් රථය පදවා ඇත්තේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකි.
කුරුඳුවත්ත පොලීසිය සඳහන් කළේ එම අනතුරෙන් රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයා බරපතළ තුවාල ලබා ඇති බවය.
මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ පවත්වන බවද වාර්තා වෙයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…