Local

Asian Games 2023 – මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම තරුෂි කරුණාරත්නට (VIDEO)

ශ්‍රී ලංකාවේ තවත් පදක්කම් බලාපොරොත්තුවක් වූ තරුෂි කරුණාරත්න ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට අද (04දා) සමත්වුණා.

ඇයගේ තරග නිමි කාලය වනුයේ මිනිත්තු 2:03.20කි.

සුසන්‍තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශාගෙන් 21 වසරකට පසු මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව රන් පදක්කම දිනාගැනීම සුවිශේෂිය.

එහි රිදී පදක්කම ඉන්දියාවේ හර්මිලන් බේන්ස්ටත් (මිනිත්තු 2:03.75), ලෝකඩ පදක්කම චීනයේ වැන්ග් චුන්යූටත් (මිනිත්තු 2:03.90) හිමි වුණා.

මෙම තරගයට ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්නද සහභාගී වූ අතර, ඇයට හිමිවූයේ අවසන් ස්ථානයයි.

ඇයගේ තරග නිමි කාලය වූයේ මිනිත්තු 2:05.87කි.

මෙම රන් පදක්කමත් සමග ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 22 වැනි ස්ථානය දක්වා උසස් වීම් ලැබුවා.

ශ්‍රී ලංකාව මේ වනවිට රන් පදක්කමක් සහ රිදී පදක්කම් 02ක් දිනාගෙන සිටිනවා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago