ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජර්මනියේ Duetsche Welle DW News අතර සම්මුඛ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා අතිශය ආවේගශීලීව හැසිරෙමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව කිසිම ජාත්‍යාන්තර පරීක්ෂණයක් නොපත්වන බව ඍජුව ප්‍රකාශ කළේය.
ඔහු අවධාරණය කළේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බවය.
තමා ගනුදෙනු කරන්නේ කාදිනල් සමග නොව කතෝලික අගරදගුරු සම්මේලනය සමග බව ඔහු පැවසුවේය.
කිසිම අකරුණක් අරභයා ජාත්‍යන්තර පරීක්ෂණයක් නොපවත්වන බව කී ජනාධිපතිවරයා එක්සත් රාජධානිය හෝ ජර්මනිය එවැනි පරීක්ෂණයක් සිදුකර තිබේදැයි විමසුවේය.
ජර්මනියට එහෙම පරීක්‍ෂණ නෑ, UK එහෙම පරීක්‍ෂණ නෑ, මොන ජාත්‍යන්තර පරීක්‍ෂණවලටද ගිහින් තියෙන්නේ? ඇයි ලංකාවෙ අයටයි ආසියාතිකයන්ටද? ඔබ හිතන්නේ අපි දෙවෙනි පන්තියේ කියලද?
ජනාධිපතිවරයා විමසීය.
ඔබ මේ බටහිර ආකල්පය අයින් කරන්න ඕන. බටහිර මාධ්‍ය හිතන්නේ අපි නරකයි කියලා. අපි පරීක්ෂණයක් කරන්නේ ශ්‍රී ලංකාවේ අය යොදාගෙන. ඔබ කාදිනල්ගේ කොළ කෑල්ලක් අරන් මෙතන කියවනවා. කතෝලික රදගුරු මණ්ඩලයට කතා කළාද?
කතෝලික රදගුරු මණ්ඩලයට කතා කළාද?
තමන් එවැන්නක් සිදුනොකළ බව ඊට ප්‍රතිචාර ලෙස ඩොයිෂි වෙල් පැවසූ වේය.
එහෙම නැත්නම් ඔයාට මගෙන් මේ ප්‍රශ්නය අහන්න අයිතියක් නැහැ, ඔයා මෙතනට ආවේ මගෙන් මේ ප්‍රශ්න අහන්න නෙවෙයි, මාව කොන් කරන්නයි ආවේ,
ජනාධිපතිවරයා මාධ්‍යවේදියාට බැන වැදුණේය.
විකාර කතා නොකරන ලෙස ඩොයිෂි වෙල්ට දැන්වූ ජනාධිපති මෙවැනි ප්‍රශ්නකිරීම් කිරිමට ඔහුට අයිතියක් නැති බවත්, ආසියාතිකයන් දෙවන පෙළ පුරවැසියන් සේ සිතන මෙම ආකල්ප ඉවත් නොගන්නේ නම් මෙම සම්මුඛ සාකච්ඡාව නවත්වන බවත් පැවසුවේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…