News

තුර්කි පාර්ලිමේන්තුව අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් !

තුර්කියේ අන්කාරා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් දෙදෙනෙක් විසින්.

එක් බෝම්බකරුවෙක් තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ඉදිරියේ බෝම්බය පුපුරවා ගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

තුර්කි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ද ඒ අසල පිහිටා ඇති බව සඳහන්. නිවාඩුවෙන් පසු තුර්කි පාර්ලිමේන්තුව ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදීයි මෙම පිපිරීම සිදුව ඇත්තේ.

දෙවැනි බෝම්බකරු වෙඩි තැබීමට පටන් ගෙන ඇති අතර ආරක්ෂක අංශ සාමාජිකයන් වහා ක්‍රියාත්මක වී වෙඩි තබා එම ත්‍රස්තවාදීයා මෙල්ල කළ බවයි සඳහන් වන්නේ.

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රහාරකයන් කවුරුන්ද යන්න පැහැදිලි නැති බවත් ප්‍රහාරයේ වගකීම කිසිවකු භාරගෙන නොමැති බවයි.

කෙසේ නමුත් මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ තුර්කි බලධාරීන් විසින් ISIS සාමාජිකයින්ට එරෙහිව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියදී වීම විශේෂයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago