Local

බැංකු ණය පොලී පහළට – බැංකු අනුව ණය අනුපාතිකයන් මෙන්න !

පසුගිය සතිය වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් (Average Weighted Prime Lending Rate – AWPR) 15% මට්ටමෙන් පහළ පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව පසුගිය සතියේ දී එය 14.81% මට්ටමට පැමිණ ඇති බවත් ඊට පෙර සතියේ දී එම අනුපාතිකය පැවතියේ 15.21% මට්ටමේ බවයි මේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ.

වසරකට පෙර මෙම අනුපාතිකය 26.89% ක් තරම් ඉහළ මට්ටමකට ගොස් තිබුණා.

ඒ අනුව මහජන බැංකුව – 14.36% ක්, හැටන් නැෂනල් බැංකුව – 14.87% ක්, කොමර්ෂල් බැංකුව – 14.06% ක්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව – 14.96% ක් සහ අමානා බැංකුව – 14.46% ක් ලෙසින්, බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය 15% ට වඩා අඩු මට්ටමක පවතින වානිජ බැංකු ලෙසින් සඳහන් කළ හැකියි.

Team CNF

View Comments

Recent Posts

රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් !

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…

5 hours ago

උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන මෙන්න !

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…

7 hours ago

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට !

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…

8 hours ago

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා !

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…

8 hours ago

ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් !

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…

8 hours ago

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…

9 hours ago