Local

මැලේසියාවේදී ලාංකිකයි​න් තිදෙනෙක් ඝාතනය කෙරේ – සැකකරුවන් දෙදෙනෙකු සොයා විමර්ශන !

මැලේසියාවේ සෙන්තූල් ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඝාතනය කර තිබේ.

එම ඝාතන සිදුකර ඇත්තේ ද ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු බවට සැක කෙරෙන අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.

සෙන්තූල් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික යුවළකට අයත් නිවසකදී ඊයේ රාත්‍රී 11 ට පමණ මෙම ඝාතන සිදුව ඇත.

20 හැවිරිදි එම යුවළගේ පුත්‍රයා සහ නිවසේ කුලී පදනම මත රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මෙලෙස ඝාතනයට ලක්වී තිබේ.

මීට දින 02කට පමණ පෙර තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අදාළ නිවසට පැමිණ ඇති අතර ඔවුන් විසින් මෙම ඝාතන සිදුකර පළාගොස් ඇති බවට මැලේසියානු පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අසල්වාසීන්ගෙන් ලද තොරතුරු මත පොලීසිය එම නිවසට පැමිණ ඇති අතර එහිදී හිස් ආවරණය කර, අත් පා බැඳ ඝාතනය කර තිබූ පුද්ගලයින් තිදෙනාගේ මළසිරුරු සොයාගෙන තිබේ. ඔවුන්ගේ වයස අවුරුදු 20 සිට 40 දක්වා පරාසයක පවතී.

සැකකාර ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ ඡායාරූප ද පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

විමර්ශනයට සහාය වීම සඳහා විවාහක යුවළ දින හතක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත්, මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ක්වාලාලම්පූර් රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාතික ආයතනය වෙත යවා ඇති බවත් සදහන් වේ.

TEAM CNF 02

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago