අද (23) රාත්‍රියේ ගාල්ල ඩික්සන් හන්දියේ දී විදුලිබල හා බල ශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩිය වූ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයෙක් වන ලලිත් වසන්ත මෙන්ඩිස් (60) වෙඩි තබා ඝාතනය කොට ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
ගාල්ලේ විශාලම නිමි ඇඳුම් අලෙවිසලේ හිමිකරුවන ඔහු සිය ව්‍යාපාරික ස්ථානයෙන් පිටත්ව මෝටර් රථයෙන් නිවස බලා යමින් සිටිය දි මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී තිබේ.
ඝාතනය වූ ලලිත් වසන්තට මෙන්ඩිස්ට ටි පනස් 56 ගිනි අවියකින් වෙඩි වරුසාවක් තබා ඇති අතර වෙඩි උණ්ඩ 15කට අධික සංඛ්‍යාවක් ඔහුගේ සිරුරට ඇතුළු වී ඇති බව පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වි ඇත.
ඔහුව ලුහුබැඳ පැමිණි යතුරු පැදියකින් පැමිණි ඝාතකයෙක් මෙකී වෙඩි ප්‍රහාරය එල්ල කොට ඇති බව සැලකෙන අතර ව්‍යාපාරිකයා රියදුරු අසුන මතදිම මියගොස් ඇති බවද පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයට ලක්වු ව්‍යාපාරිකයාගේ සිරුර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් වෙනුවෙන් අද පැවැත්වෙන අවසන් ප්රචාරක රැළි හෙට පුවත්පත් වල පළකළ හැකි නමුත්…
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා…
ඉදිරි දින කිහිපයේ රටේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඇතැයි…
මැතිවරණය පැවැත්වෙන 21 වනදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය…
2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825…
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන…