Health

බෙහෙත් නැති රටේ 2022 පමණක් කෝටි 35ක තත්ත්වයෙන් බාල ඖෂධ ඉවත් කරලා – විගණන වාර්තාව හෙළි කරයි !

රජයේ රෝහල් සදහා නිකුත් කළ වෛද්‍ය සැපයිම් අතුරින් රුපියල් තිස් හතර කෝටි, අනු ලක්ෂ, විසි පන් දහස්, හයසිය හතලිස් හතරක් (349,025,664) වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්වයෙන් අසමත්විම මත ඉකුත් වර්ෂයේ දි (2022) භාවිතයෙන් ඉවත්කර තිබු බව ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

එමෙන්ම ඉකුත් වර්ෂය තුළදි තවත් රුපියල් තුන් කෝටි, දාහත් ලක්ෂ, පනස් එක් දහස් විසි හතරක් වටිනා (31,751,024) වටිනා ඖෂධ තත්වයෙන් අසමත්විම මත තාවකාලිකව භාවිතය අත්හිටුවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

වෛද්‍ය සැපයුම් අංශය විසින් රෝහල් වෙත ඖෂධ නිකුත් කිරිමට පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය මගින් ඖෂධවල තත්ත්වය පරික්ෂා කිරිමේ හැකියාවක් නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එම නිසා ඖෂධ තත්ත්වයෙන් අසමත් බවට වාර්තාවන අවස්ථාව වනවිට එම ඖෂධවලින් විශාල ප්‍රමාණයක් රෝගින් විසින් භාවිතාකොට අවසන් බව වර්ෂ ගණනාවක සිට නිරික්ෂණය වි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ඉකුත් වර්ෂයේ ද ප්‍රමාණාත්මක අයුරින් එම තත්ත්වය මගහරවා ගැනීම සදහා ඖෂධ රෝහල්වලට නිකුත් කිරිමට පෙර තත්ත්වය පරික්ෂා කිරිමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍යවල කල් ඉකුත්විම සම්බන්ධයෙන්  කරණු ලැබු නියදි විගණන පරික්ෂාවේ දි රුපියල් මිලියන 77.82ක් වටිනා කල් ඉකුත්වු තොග වසර 11 වැඩිකාලයක සිට ගබඩාවල රඳවාගෙන ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. 

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

1 hour ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

2 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

1 day ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

1 day ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago