පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා අවලංගු කිරීමට ගෙන ඇති තීරණය මඟින් රුපියල් ලක්ෂ දස දහසක මුදලක් රටට අහිමි වන බව පැෆ්රල් සංවිධානය පවසයි.
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, රට ආර්ථික අර්බුදයකට පත් ව ඇති මොහොතක මෙවැනි තීරණ ආණ්ඩුවකින් සිදු නොවිය යුතු බවයි.
මේ වනවිට පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ කමිටුවක් විසින් පළත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා අවලංගු කිරීම පිළිබඳ යෝජනාවක් සම්මත කරගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ කමිටුවට සහභාගි වූ නියෝජිතයන්, ඊට සම්බන්ධ වුණ නිලධාරීන් ගෙන් අහන්නට කැමතී මේ වනකොට මැතිවරණය සඳහා ලක්ෂ 10,000ට වැඩි මුදලක් මැතිවරණ කොමිසම වියදම් කරලා තියෙනවා. ඒ වගේම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා ලක්ෂ 1,000කට ආසන්න සංඛ්‍යාවක් වැයකරලා තිබෙනවා. මේ තීන්දුව හරහා මේ රටට අහිමි වන මුදල ලක්ෂ 10,000කට වැඩී. මේ මහජන මුදල් පිළිබඳ මේ ආකාරයේ තීන්දු ගැනීම සඳහා රටට සිදු වන අලාභයේ වගකීම කවු ද ගන්නේ. මේ මොහොතේ මේ මැතිවරණය පැවැත්වූයේ නැතත් පළාත් පාලන මැතිවරණය කොයි මොහොතක හෝ තබන්න සිද්ධ වෙනවා.
එම යෝජනාව මඟින් සිදුවන්නේ ජනතාව ගේ අයිතිය අහිමි කිරීමක් බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…