පළාත් පාලන මැතිවරණය අවලංගු කිරීමේ අලාභය ලක්ෂ දස දහසක් – පැෆ්රල් සංවිධානය හෙළි කරයි !

308 Views
1 Min Read

පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා අවලංගු කිරීමට ගෙන ඇති තීරණය මඟින් රුපියල් ලක්ෂ දස දහසක මුදලක් රටට අහිමි වන බව පැෆ්රල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, රට ආර්ථික අර්බුදයකට පත් ව ඇති මොහොතක මෙවැනි තීරණ ආණ්ඩුවකින් සිදු නොවිය යුතු බවයි.

මේ වනවිට පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ කමිටුවක් විසින් පළත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා අවලංගු කිරීම පිළිබඳ යෝජනාවක් සම්මත කරගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ කමිටුවට සහභාගි වූ නියෝජිතයන්, ඊට සම්බන්ධ වුණ නිලධාරීන් ගෙන් අහන්නට කැමතී මේ වනකොට මැතිවරණය සඳහා ලක්ෂ 10,000ට වැඩි මුදලක් මැතිවරණ කොමිසම වියදම් කරලා තියෙනවා. ඒ වගේම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා ලක්ෂ 1,000කට ආසන්න සංඛ්‍යාවක් වැයකරලා තිබෙනවා. මේ තීන්දුව හරහා මේ රටට අහිමි වන මුදල ලක්ෂ 10,000කට වැඩී. මේ මහජන මුදල් පිළිබඳ මේ ආකාරයේ තීන්දු ගැනීම සඳහා රටට සිදු වන අලාභයේ වගකීම කවු ද ගන්නේ. මේ මොහොතේ මේ මැතිවරණය පැවැත්වූයේ නැතත් පළාත් පාලන මැතිවරණය කොයි මොහොතක හෝ තබන්න සිද්ධ වෙනවා.

එම යෝජනාව මඟින් සිදුවන්නේ ජනතාව ගේ අයිතිය අහිමි කිරීමක් බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

Share This Article
Leave a comment