එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට පිරිසක් ඉමහත් ප්‍රයත්නයක් දරමින් සිටින බව ලංකාසර වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. වාර්තා
දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කර ඒ වෙනුවට ඇන්ජෙලෝ මැතිව්ස් හෝ කුසල් මෙන්ඩිස් පත් කිරීම මොවුන්ගේ අභිලාශය වී තිබේ.
ක්‍රිකට් තේරීම් කමිටුව හදිසියේ මෙවැනි වෙනස් කමක් කිරීමට අකැමැත්තෙන් පසු වුවද ක්‍රිකට් ආයතනයේ ඉහළම බලධාරියෙක් හා ක්‍රිකට් උපදේශකවරයකු දසුන් නායකත්වයෙන් ඉවත් කර නව නායකත්වයක් යටතේ කණ්ඩායමක් තේරීමට බලපෑම් කරන බවත් වාර්තා වේ.
මේ හේතුවෙන් දසුන්ට නායකත්වයෙන් ඉල්ලා අස් වන ලෙස බලපෑම් කර ඇතත් එය ප්‍රතික්ෂෙප කළ දසුන් තේරීම් කමිටුවට කැමති තීරණයක් ගන්නා ලෙස පවසා ඇතැයිද වාර්තා වේ.
මේ අතර ඇතැම් ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් තම ක්‍රීඩකයන් නායකත්වයට පත් කිරීම සඳහා සමාජ ජාල මෙහෙයුමක් ඊයේ සිට ආරම්භ කර තිබේ.
අද පෙරවරුවේ දසුන් හා තේරීම් කමිටුව අතර දීර්ඝ සාකච්චාවක් පැවති අතර දහවල් වන විටත් කණ්ඩායම හා නායකත්වය පිළිබඳ අවසන් තීරණයකට පැමිණ නොමැත.
කෙසේ වෙතත් කණ්ඩායමට අවසන් අනුමැතිය ලබා දෙන්නේ ක්‍රීඩා ඇමතිවරයා විසිනි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…