Education

උසස් පෙළ විභාගය කල්යයි ද? – අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් !

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

අද (19) පාර්ලිමේන්තුවේදී රෝහිණී කවිරත්න මහත්මිය විසින් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

රෝහිණී කවිරත්න මහත්මිය,

නොවැම්බර් 21 හෝ 27 උසස් පෙළ නොතියා පාසල් තෙවන වාරය ඔබතුමාට පුළුවන්නම් 2023.10.30 සිට 2023.12.22 කට සති 8කුත් 2024 .01.01 සිට 2024.01.19 සති තුනකුත් විදිහට අරගෙන පාසල් වාරය ඉවර කරන්න පුළුවන් වෙනවා 1 වසරේ සිට 12 වසරේ ඉන්න දරුවන්ට. උසස් පෙළ විභාගය ජනවාරි 22 ආරම්භ කරොත් පෙබරවාරි 17 අවසන් කරන්න පුළුවන්. එතකොට පෙබරවාරි 19 සිට 2024 පළමු වාරය ආරම්භ කරන්න පුළුවන්. උසස් පෙළ ලබන ජනවාරි ලියන ළමයින්ගේ මාස තුනකින් දුන්නොත් මැයි ප්‍රතිඵල දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් ඊළඟ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ විභාගය තියන්න පුළුවන්. එහෙම වුණොත් 2025 ඉඳන් ඔය විභාග කාලසටහන යාවත්කාලීන කරන්න පුළුවන්.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,

රෝහිණී කවිරත්න මහත්මිය වැදගත් ප්‍රශ්නයක් යොමු කළා. ප්‍රශ්නයකට වැඩිය යෝජනාවක් ඒ යෝජනවා විභාග කොමසාරිස්වරයාගේ අවධානයට යොමුකරලා තියෙන්නේ. ඒ පිළිබඳව එතුමා නිවේනදයක් නිකුත්කරයි ළඟදීම.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago