Cricket

Asia Cup 2023 – ආසියානු කුසලාන අවසන් තරගයේ පරාජය පිලිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් වෙයි, තරග පාවා දුන්නාදැයි පරීක්ෂණයක් ඉල්ලයි !

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Asia Cup 2023) අවසන් මහා තරගය ඉන්දියාවට එරෙහිව අසාමාන්‍ය දක්ෂතාවක් පෙන්නුම් කරමින් පරාජයට පත්වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අද (18) පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා පොලිස් මූලස්ථානය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා සිටියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම දැඩි සැකයක් පවතින බවත් තරග පාවාදී ඇත්ද යන්න සැකයක් පවතින නිසා පොලිස් මූලස්ථානයට අදාළ පැමිණිල්ල සිදු කළ බවයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50කට දැවී ගිය අතර, එදා මෙදාතුර ඕනෑම අවසන් මහා තරගයක ශ්‍රී ලංකා කණ්ඩායමක් සහ වෙනත් ඕනෑම කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස ද මෙය වාර්තා අතරට එක්විය.

Ceylon News Factory

View Comments

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago