Local

උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබූ වෙඩික්කරු ගැන හෝඩුවාවක් නෑ – ගෙදර CCTV අක්‍රීය යි, අසල්වැසි නිවසේත් සීසීටීවී වැඩ නෑ !

වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතය ගලවා ගත් උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ නිවසේ සහ අසල්වැසි නිවසක ආරක්ෂක කැමරා සවි කොට ඇතත් ඒවා කලක සිට අක්‍රීයව පැවැතී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මේ අතර මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය අසලට පැමිණ ඇති වෙඩික්කරු ඊට මීටර් කීපයක් ආසන්නයේ සිට මෝටර් රථයට වෙඩි ප්‍රහාර තුනක් පමණ එල්ල කොට ඇත.

ඉන් ජීව උණ්ඩ එකක් ඔහුගේ වාහනයේ නොවැදී බිම පතිත වී තිබේ. අනිකුත් වෙඩි ප්‍රහාර දෙකම මන්ත්‍රීවරයාගේ මෝටර් රථයේ පසුපස අසුනේ දකුණු පස ජනෙල් වීදුරුවට වැදී ඊට අලාභ හානි සිදුවී තිබේ.

ඉන්ද එක උණ්ඩයක් මෝටර් රථයේ දකුණු පස අසුනේ ජනෙල් වීදුරුව පසාරු කර ගෙන වම්පස ජනෙල් වීදුරුව ද පසාරු කර ගෙන ගොස් ඇති බව විමර්ශන සිදු කළ අනුරාධපුර පොලීසිය පවසයි.

මේ අතර උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව අතර අප්‍රසාදයකට ලක් නොවූ දේශපාලඥයෙකු බවටද මින් පෙර රාජ්‍ය බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබිණි.

මේ වනවිට පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම වෙඩිතැබීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago