මෛත්‍රීපාල සිරිසේනගෙන් පාස්කු නඩුව සම්බන්ධව විශේෂ ඉල්ලීමක් !

814 Views
1 Min Read

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ ප්‍රකාශිත නඩු තීන්දුවෙහි තමා සම්බන්ධයෙන් සඳහන් කරුණු නැවත සලකා බලන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා

බ්‍රිතාන්‍ය චැනල් 4 නාළිකාව මගින් මේ වන විට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නව තොරතුරු සහ පුද්ගලයන් අනාවරණය කර තිබීම සහ එම තොරතුරු විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබීම මත මේ ඉල්ලීම කර තිබෙනවා

අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් ගොනු කළ මෝසම් කිහිපයක් සය පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා මෙම ඉල්ලීම කළේය. බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන සය පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම් කැඳවන ලදී.

Share This Article
Leave a comment