දුම්රිය සේවය ගැසට් නිවේදනයක් හරහා අත්‍යවශ්‍ය සේවා කර තිබියදී වර්ජනයේ නිරතව සිටින රියදුරන් 84 ට සේවය අතහැර ගියා සේ සළකන බවට ලිපි යොමු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (13) පස්වරුවේ පැවසීය.
මේ පිළිබඳව කළ විමසුමකදී දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා අද (13) පස්වරුවේ පැවසුවේ එම රියදුරන් සම්බන්ධයෙන් පියවර ගැනීමට දුම්රිය පරිපාලන අංශයට යොමුකර ඇති බවය.
වර්ජනය නැවැත්වීමට දෙපාර්තමේන්තුවක් ලෙස දුම්රියට බලධාරීන්ට ගත හැකි පියවරක් නොමැති බවත් ඒ සඳහා ආණ්ඩුව සහ ප්‍රවාහන අමාත්‍යංශ මට්ටමින් තීරණ ගතයුතු බවත් ඒ මහතා කීය.
වර්ජනය නතර කරන බවට වර්ජකයන් කිසිඳු දැනුම්දීමක් මේ දක්වා කර නොමැති බව ද ඉදිපොළගේ මහතා වැඩි දුරටත් සඳහන් කකළේය.
මේ අතර, දුම්රිය රියදුරු වැඩවර්ජනය හේතුවෙන් අද (13) දිනය තුළ දුම්රිය ගමන් වාර 139 අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙක් පැවසීය.
අවලංගු කළ දුම්රිය ගමන් වාර 139 ට කොළඹ සහ ප්‍රාදේශීය ගමන් වාර ඇතුළත් බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…