Local

බුළුගහගොඩදී තවත් මගියෙක් දුම්රියෙන් ඇද වැටෙයි !

ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ දුම්රියකින් අද ( 12) සවස බුළුගහගොඩ උපදුම්රිය පොළේදී මගියෙකු වැටී රෝහල්ගත කර තිබෙන බවට වාර්තා වනවා.

ගම්පහ දෙසට ගමන් කළ මන්දගාමී දුම්රියක් දෙවන වේදිකාවේ නතර කර තිබියදී පළමු වන වේදිකාව දෙසින් එම දෙසට ම ගමන් කළ දුම්රියක පාපුවරුවේ ගමන් කළ මගියෙකු ගේ පිටේ එල්ලා ගෙන සිටි බෑගයක වැදී එම මගියා වැටී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු වයස 20- 25 අතර වයසැති තරුණයෙකු වන අතර එම ආරංචි මාර්ග සඳහන් කළේ අනතුරින් ඔහුගේ අතකට හා කොඳු ඇටපෙළට හානි වී තිබුණු බවයි.

අද ක්‍රියාත්මක කෙරුණු දුම්රිය වර්ජනය හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ධාවනය අඩාල වී තිබුණු අතර ඉන් මගීන් මහත් අපහසුතාවට පත්ව තිබුණා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago