මුලතිව් කොකුතුඩුවායී සමූහ මිනී වළෙන් සම්පූර්ණ මිනිස් ඇට සැකිළි හතරක් සහ ඇට සැකිලි කොටස් රාශියක් මෙන්ම අවි ආයුධ ඇතුලු බොහෝ දේ හමු වීමත් සමගම මාධ්‍යවේදීන්ට එම ස්ථානයේ පුවත් ලබා ගැනීම ඊයේ (11) සිට සීමා කොට තිබේ.
එම මිනිස් ඇට සැකිලිවළ හිස් කබල් අනුව ඒවා අයත් වන්නේ කාන්තාවන්ට බව මතුපිට නිරීක්ෂණ මගින් අනුමාන කොට තිබේ.
එමෙන්ම කැණීම් කටයුතූ බාරව සිටින නිලධාරීන් මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වීමද ප්‍රතික්ෂේප කරන්නට පටන් ගෙන තිබේ.
මෙම සමූහ මිනී වලේ ඇත්තේ කොටි සංවිධානය විසින් පවත්වා ගෙන ගිය වධකාගාරයකින් ඝාතනය කරණ ලද කොටි සාමාජිකාවන්ගේ මළ සිරුරු බවට තොරතුරක් හිටපු කොටි සාමාජිකයෙකු විසින් ආරක්ෂක අංශවළට ප්‍රකාශ කිරීමේ සිද්ධියක් ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමගම මෙම සියළුම තහනම් නියෝග මාධ්‍ය වෙත පැන වී තිබේ.
මාධ්‍යවේදීන්ට මෙම සමූහ මිනීවලේ උදෑසන සිදු වූ දේ දැකබලා ගැනීමට හා ඡායාරූප ගැනීමට දිවා ආහාරය සදහා නතර කළ පසු පැය බාගයක කාලයක්ද සවස කැණීම් කටයුතු නිමා වීමෙන් පසුව පැය බාගයක්ද වන පරිදි අවසර ලබා දී අති අතර එම කාලවළදී නිලධාරීන් එම ස්ථානයෙන් බැහැරව යන අතර ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් පමණක් ඉතිරි වෙයි.
මේ තත්ත්වය නිසා කොක්කුතුඩුවායී සමූහ මිනී වළ සම්බන්ධයෙන් වූ අළුත්ම තොරතුරු ලබා ගැනීමට මාධ්‍යවේදීන්ට නොහැකි වී තිබේ.
56 වෙනි ජිනීවා සමළුව පැවැත්වෙන අවස්ථාවේදී උතුරේ දෙමළ දේශපාලනඥයින් මෙම සමූහ මිනීවළ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් ඝාතනය කරන ලද පුද්ගලයින්ගේ ඇටසැකිලි බවට හුවා දැක්වීමට විශාල උත්සාහයක් ගත් නමුත් මේ වන විට එම උත්සාහය අසාර්ථක වී තිබේ.
දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ දෙමළ ජනතා සන්ධානය යන උතුරේ දෙමළ දේශපාලන පක්ෂ තුනකට අයත් මන්ත්‍රීවරු හා දේශපාලනික ක්‍රියාධරයන් මෙම සමූහ මිනී වලේ කැණීම් සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමට මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයට ගොස් ඇති අතර ඔවුන්ද උතුරේ මාධ්‍යවේදීන්ට සමූහ මිනී වළ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කොට තිබේ.
ගතවූ පැය 24 තුළ මිලිමීටර් 250 ඉක්මවූ තද වැසි ඇදහැලීම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්…
පුද්ගලයන් 11 දෙනෙක් රැගත් ට්‍රැක්ටරයක් කාර්තිව් පොලිස් බල ප්‍රදේශයේ කාවඩි පල්ලිය අසළ පාලමක් මතින් ගමන්…
පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට…
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින…
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…
පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…