Cricket

Asia Cup 2023 – දවස් දෙකක් ගහපු එක්දින ගැටුමෙන් ඉන්දියාව දිනුම් !

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Asia Cup 2023) ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවති තරගය ලකුණු 228 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ඊයේ ආරම්භ වූ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා අතිරේක දිනය වූ අද දිනයේදීත් තරගය පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථානය කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට පැමිණි ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර පනහ අවසානයේදී කඩුළු 02 ක් පමණක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 356 ක්.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාට් කෝලි පන්දු 94 කින් ලකුණු 122 ක්ද, කේ.එල් රාහුල් පන්දු 106 කින් ලකුණු 111ක්ද නොදැවී රැස්කර ගත්තා. කෝලිගේ ඉනිම හතරේ පහර 09 කින් සහ හයේ පහර 03 කින් වර්ණවත් වූ අතර රාහුල්ගේ ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 02 ක් ඇතුළත් වුණා.

ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට පන්දු 194 කින් ලකුණු 233 ක් වාර්තා කළා. අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ පාකිස්ථාන කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

ෆකර් සමාන් ලකුණු 27 ක් ලබාගත් අතර, අගා සල්මාන් සහ ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 23 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේදී කුල්දීප් යාදව් පාකිස්ථාන ඉනිමේ කඩුළු 05 ක් බිඳ හෙළුවේ ලකුණු 25 ක් පමණක් ලබා දෙමින්.

ආබාධවලට ලක්වීම හේතුවෙන් නසීම් ෂා සහ හැරිස් රවුෆ් පන්දුවට පහරදීමට පැමිණියේ නැහැ. ඒ අනුව පන්දුවාර 32 ක් අවසානයේදී පාකිස්ථාන කණ්ඩායම ලකුණු 128 ක් ලබා ගත්තා.

තරගයේ වීරයා බවට පත්වුයේ වේගවත් ශතකයක් ලබාගත් විරාට් කෝලි

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

9 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago