Local

රජයේ ආයතන කිහිපයකට සයිබර් ප්‍රහාරයක් – රජයේ කාර්යාල 300ක විද්‍යුත් ලිපිනයන් 5,000ක පමණ තොරතුරු අස්ථාන ගතයි !

රජයේ කාර්යාල කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙලෙස එල්ල වූ සයිබර් ප්‍රහාරය හේතුවෙන් මේ වනවිට අදාළ රාජ්‍ය ආයතන රැසක අත්‍යවශ්‍ය දත්ත අස්ථානගත වී ඇති බවයි වාර්තා වන්නේ.

gov.lk රාජ්‍ය ආයතනවල විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කරගෙන මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සඳහන් කළේ, මෙම වසරේ මැයි මස 17 වැනි දින සිට අගෝස්තු මස 26 වැනි දින දක්වා වූ කාලය තුළ මෙම සයිබර් ප්‍රහාරයන් එල්ල වී ඇති බවයි.

එහි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා මහතා පැවසුවේ, කැබිනට් කාර්යාලය ඇතුළු රජයේ කාර්යාල 300ක විද්‍යුත් ලිපිනයන් 5,000ක පමණ තොරතුරු අස්ථාන ගත වී ඇති බවටත් හෙළිව තිබෙන බවයි.

මෙවැනි තත්ත්වයන් යළිත් ඇති නොවීම සඳහා අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදු කිරීමට තොරතුරු තාක්ෂණ ආයතනය කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago