විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසික පහසුකම් වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යවරයා පවසයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නේවාසික පහසුකම් වෙනුවෙන් මේ වන විටත් නිවාස ඒකක 144කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් ඉදිකර ඇති අතර එම නිවාස සංකීර්ණය විශ්වවිද්‍යාලයට බාරදීම සඳහා මෙම සතියේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අධීක්ෂණයෙන් ඉදිකෙරුණු එම නිවාස සංකීර්ණයේ සිසු සිසුවියන් 800කට පමණ නේවාසික පහසුකම් සැලසෙන අතර වර්ග අඩි 450කින් සමන්විත එක් නිවසක් නිදන කාමර දෙකකින් සමන්විත වන බව සඳහන්ය.
වර්තමානයේදී මෙම නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 60ක් පමණ වන බව ද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහන් කළේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…