Economy

Onmax DT අධ්‍යක්ෂකගේ ලක්ෂ 6300ක දේපළ විකිණීම අත්හිටුවයි – විශේෂ අධිකරණ නියෝගයක් !

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තහනම් කර තිබෙන පිරමීඩාකාර ගනුදෙනුවල නිරත ඔන්මැක්ස් ඩී.ටී. ආයතනයේ (Onmax DT) අධ්‍යක්ෂවරයකු සතුව තිබූ රුපියල් ලක්ෂ හයදහස් තුන්සියයක් (6300) වටිනා සුවිසල් නිවාස සහ හෝටල්වලින් සමන්විත ඉඩම් 20ක් විකිණීම හෝ පැවැරීම වහාම අත්හිටුවමින් අධිකරණය ඊයේ (4 වැනිදා) පස්වරුවේ විශේෂ නියෝගයක් නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ඔන්මැක්ස් ඩී.ටී. ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන දැනට විදේශ ගමන් තහනම් කර තිබෙන ලේන්දුවගේ සම්පත් සඳරුවන් නමැති අය සතුව තිබූ දේපළ අත්හිටුවමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් එලෙස නියෝග කළේය.

එකම දිනයක අදාළ ඉඩම් 20ම ඔප්පු සම්පත් සඳරුවන් නමැත්තා ඔහුට ලියාගෙන ඇතැයි දන්වා සිටි පොලිසිය, නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදුකරන ඔන්මැක්ස් ඩී.ටී. ආයතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව එම ඉඩම්වලින් 8ක් සම්පත් සඳරුවන් නමැත්තා ඔහුගේ බිරිඳගේ නමට ද, අනෙක් ඉඩම් 12 සිය මිතුරකුගේ නමට ද ලියා ඇතැයි අධිකරණයට දන්වා සිටියේය.

මාතර ප්‍රදේශ‍යේ ඉඩම් 6ක්, කළුතර ප්‍රදේශයේ ඉඩම් 10ක්, හම්බන්තොට සහ කඩවත ප්‍රදේශවල ඉඩම් 2 බැගින් වන අයුරින් අදාළ ඉඩම් 20 සම්පත් සඳරුවන් නමැත්තා අත්පත් කරගෙන තිබූ බව ද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

එම ඉඩම් කිසිවකුට පැවැරීම හෝ විකිණීම අත්හිටුවමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මාතර, කළුතර, හම්බන්තොට සහ කඩවත ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් සිව්දෙනාට නියෝගයක්ද නිකුත් කළේය.

සම්පත් සඳරුවන් නමැත්තාට අමතරව ඔන්මැක්ස් ඩී.ටී. ආයතනයේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ දැනට විදේශ ගමන් තහනම් කර තිබෙන කහදව ආරච්චිලාගේ අතුල ඉන්දික සම්පත්, සිංහල පේඩිගේ ගායාෂාන් අ​බේරත්න, ගලබඩ විධාන ආරච්චිලාගේ සාරංග රන්දික ජයතිස්ස, මල්ලව අප්පුහාමිලාගේ ධනංජය ජයාන් යන සිව්දෙනා විසින් නීතිවිරෝධි අයුරින් උපයාගෙන ඇති දේපළ සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශනයක් පවත්වන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ඔන්මැක්ස් ඩී.ටී. නමින් සමාගමක් ලියාපදිංචි කරමින් එම සමාගම හරහා නීතිවිරෝධි පීරමීඩාකාර ගනුදෙනු සිදුකර ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වයි.

ඔන්මැක්ස් ඩී.ටී. Onmax DT ආයතනයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් රුපියල් කෝටි ගණනක මුදලක් ආයෝජනය කර මේ වන විට එම මුදල් නැවත ලබාගැනීමට නොහැකිව අසරණ වී ඇතැයි අධිකරණයට දන්වා සිටි පොලිසිය, එලෙස අදාළ ආයතනයේ රුපියල් ලක්ෂ 167ක මුදලක් ආයෝජනය කරන ලද කාන්තාවක් සහ රුපියල් කෝටි 4ක මුදලක් ආයෝජනය කරන ලද පුද්ගලයන් සිව්දෙනකු විසින් මේ වන විට පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි ද අධිකරණයට දන්වා සිටියේය.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago