Local

ගංඟාවල ජල මට්ටම ඉහළට – තත්වය අවධානම් !

කළු, ගිං, නිල්වලා යන ගංගාවල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර සඳහන් කළේ, එම ගංගාවල පහළ ප්‍රදේශවල ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි.

ඊයේ (04) දිනය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් කිසිදු ප්‍රදේශයකින් වාර්තා වී නොමැති බව සඳහන්.

එම ගංගාවල ජල මට්ටම් තවදුරටත් සැලකිය යුතු ලෙස ඉහළයාමක් අපේක්ෂා නොකරන නමුත් ජනතාවට අවධානයෙන් පසුවෙන ලෙස ද එස්. පී. සී. සුගීෂ්වර දැනුම්දී තිබෙනවා.

කෙසේනමුත් ගිං සහ නිල්වලා ගංගාවල පහළ ප්‍රදේශවල මෙන්ම කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ පහළ ප්‍රදේශවල, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ ප්‍රදේශවල ජල මට්ටම තවමත් ඉහළ අගයක පවතින බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශවල සැලකියයුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක ඇතිවීමේ ඉඩක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම ගංගාවල ජල මට්ටම ඉහළ අගයක පැවතීම හේතුවෙන් ඉදිරි කාලයේ ඉහළ වර්ෂාපතනයක් ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියව පවතින බව සඳහන්.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago