අදත් ගිගුරුම් සහිත වැසි, ප්‍රදේශ කිහිපයකටම තද සුළං – කාලගුණ වාර්තාව මෙන්න !

266 Views
1 Min Read

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම යාපනය, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල තරමක වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

Share This Article
Leave a comment