Local

කාලගුණය චණ්ඩ වෙයි, කොළඹ ගසක් කඩා වැටී ගමනාගමනයට බාධා – පස් කන්දකට යටවී පුද්ගලයෙක් මරුට (VIDEO)

කොටුව දුම්රියපොළ ඉදිරිපිට විශාල ප්‍රමාණයේ මාර ගහක් කඩා වැටීමෙන් ඕල්කට් මාවතේ රථවාහන ගමනාගමනය එක් මංතීරුකට සීමා කර තිබේ.

කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ආරක්ෂක අංශ මේ වනවිට ගස ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතී.

මේ අතර ඇදහැලෙන තද වැසි සමඟ කොළඹ මරදාන, ආමර්වීදිය ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි වාර්තාකරුවන් පැවසීය.

ඒ අනුව අදත් පළාත් රැසකට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද අලුයම් කාලයේ සිට කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවලට තද වැසි ඇද හැලුණි. ඒ සමග කොළඹ නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවුණි.

මරදාන ඩීන්ස් මාර්ගයේ කොටසක් ද ජලයෙන් යටවී තිබුණි. සෙසු ප්‍රදේශවලටත් අද වැසි ඇද හැලෙමින් පවතී.

නියඟයෙන් පීඩා විඳින අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකටත් අද උදෑසන සිට වැසි ඇද හැලෙන බව වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වන මිලිමීටර 106.3ක් ලැබී ඇත්තේ ලබුගම ප්‍රදේශයටය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බවය.

මේ අතර නාවලපිටිය ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණයත් සමග නිවසක අලුතින් ඉදිකිරීමට නියමිත බැම්මක් සඳහා අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයෙකු මතට පස් කන්දක් කඩා වැටී තිබේ.

ප්‍රදේශවාසින් එක්ව පස් කන්දට යට වු පුද්ගලයා ඉන් මුදාගෙන නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ගියත් ඔහු ඒ වනවිටත් මියගොස් සිටි බව පොලීසිය පැවසුවේය. මියගියේ නාවලපිටිය වෙරළුගස්හින්න ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි තිදරු පියෙක් වන විමල් ජයසිරි නැමත්තාය.

මෙවැනි පසුබිමක ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් සඳහා ඇම්බර් හෙවත් දෙවන අදියරේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ ඉංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවන් අවධානයෙන් පසුවිය යුතු වේ.

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැළියගොඩ සහ කුරුවිට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහාත් දෙවන අදියරේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago