ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.
මිල සූත්‍රයට අනුව මෙම සංශෝධනය සිදුකරන බවයි එම සමාගම සඳහන් කළේ.
ඒ අනුව එළඹෙන සඳුදා (04) දින මෙම සංශෝධනය සිදු කිරීමට නියමිතයි.
මේ අතර පසුගිය අගෝස්තු මාසයේ දී ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කෙරුණේ නැහැ.
මිල සූත්‍රයට අනුව එම මාසයේ දී මිල රුපියල් 470කින් ඉහළ දැමිය යුතුයි.
මිලියන හයක් පමණ වන ලිට්‍රෝ පාරිභෝගික ජනතාවට සහනක් දෙමින් මිල ඉහළ දැමීමක් සිදු කෙරුණේ නැහැ.
කාර්යක්‍ෂම තොග කළමනාකරණය සහ ලෝක වෙළෙඳපොලේ ගෑස් මිලේ වෙනස්වීම් සහ මිල දර්ශකය පිළිබඳව නිරන්තර අවදානයෙන් සිටීම ද ඊට හේතුවක් වුණා.
කෙසේ වෙතත් මෙවර ගෑස් මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි, ආර්ථික විශේෂඥයින් ප්‍රකාශ කළේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…