Business

ඩිසල් පෙට්‍රල් රුපියල් 03ක් අඩුවට – චීන Sinopec මත්තේගොඩින් වැඩ අරඹයි (VIDEO)

ශ්‍රී ලංකාව තුළ සිනොපෙක් සමූහ ව්‍යාපාරයේ මෙහෙයුම් ආයතනය Sinopec Energy Lanka නිල වශයෙන් ව්‍යාපාරික කටයුතු ආරම්භ කරමින් කොළඹ මත්තේගොඩ පිහිටි එහි ප්‍රථම බලයලත් පිරවුම්හලේදී ඉන්ධන සැපයීම ආරම්භ කර ඇති බව එම සමාගම නිවේදනය කරයි.

Sinopec විසින් පෙට්‍රල් සහ ඩීසල් සඳහා ලීටරයකට රුපියල් 3 ක පොම්ප වට්ටමක් සමඟින් වෙළඳපල ප්‍රවර්ධන පියවරවල පළමු වටය ආරම්භ කර ඇත.

ඔක්තෝම්බර් මාසයට පෙර ගිවිසුම්ගත වූ ඉන්ධන සැපයුම්හල් 150ක ප්‍රමාණය සැලැස්මකට අනුව ක්‍රමානුකූලව සිනොපෙක් කළමනාකාරිත්වයට භාර දීමට කටයුතු කරමින් ඇතැයි සමාගම කියයි.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම පිළිබඳ දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ මැයි මාසයේදී අත්සන් කිරීම යටතේ, සිනොපෙක් සමාගමට ඉන්ධන පිරවුම්හල් 150ක් ක්‍රියාත්මක කිරීමට වසර 20ක බලපත්‍රයක් ලබා දී තිබේ.

අගෝස්තු මස මුලදී කොළඹ වරායට ගුණාත්මක ඛනිජ තෙල් නිෂ්පාදන තොගයක් පැමිණීමෙන් පසුව, සිනොපෙක් විසින් දිවයින පුරා පිරවුම්හල් 150 කට සේවා සපයන සැපයුම් දාමය දියත් කිරීමේ සංඥාවක් සනිටුහන් කරමින් පූර්ණ වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර අලෙවි නියෝජිත සැපයුම් ගිවිසුම් සාර්ථකව අවසන් කර ඇත.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago