Cricket

Asia Cup 2023 – වෙනස්කම් රැසක් සමඟින් ආසියානු කුසලානය සඳහා අවසන් ශ්‍රී ලංකා සංචිතය නම් කරයි !

පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී හෙට (30) සිට ආරම්භ වීමට නියමිත 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය (Asia Cup 2023) සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද (29) නිවේදනය කෙරුණා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු නම් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ක්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක්වීම හේතුවෙන් මෙම සංචිතයට වෙනස්කම් රැසක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ආබාධවලට ලක් වූ වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර හා ඩිල්ෂාන් මදුෂංක යන ක්‍රීඩකයින් මෙම සංචිතය සදහා නම් කර නැහැ.

චාමික කරුණාරත්න හා සහන් ආරච්චිගේ එක්දින සංචිතයෙන් ඉවත් කර ඇති අතර, වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ හා පාදග පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත සංචිතයේ සිය ස්ථාන රැක ගැනීමට සමත්ව තිබෙනවා.

පසුගියදා කොවිඩ් 19 ආසාදනය වූ කුසල් ජනිත් පෙරේරා මෙම සංචිතයට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔහු මේ වන විට සුවය ලබමින් සිටින බවත්, සම්පූර්ණයෙන් සුවය ලැබූ පසු සංචිතය සමග එක් වන බවත් ක්‍රිකට් ආයතනය සදහන් කළා.

කුසල් අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ දී යි.

ඔහුට අමතරව ආසියානු කුසලාන තරගාවලිය සදහා ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැදවා ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදුෂාන් හා බිනුර ප්‍රනාන්දු. ආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 31 වැනිදා බංග්ලාදේශයට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

9 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

10 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago