මින්නේරිය පොලිස් වසමේ රොටවැව, ගල්ලඔය ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර තිබේ.
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මාමා විසින් බෑනාට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී ඇත.
ඊයේ (27) රාත්‍රී කාලයේ දී වෙඩිතැබීම සිදුකර ඇති අතර, වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මින්නේරිය රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබිණි.
කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කරනවිට ඔහු මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ, 27 හැවිරිදි රොටවැව, ගල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩිතැබීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන බෙහෙත් කොටන තුවක්කුව ද සමඟ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (27) හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…